අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු පුත්තලම මුල්ලිනගර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පුත්තලම පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03ක් පමණ අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර හෙරොයින් තොගයක් සමග කාන්තාවක්ද සීනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ සැකකාර කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් කිලෝ හයකට අධික ප්‍රමාණයක් සොයා ගැනුණු බවයි.













