නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 125 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

එරට රජය සදහන් කලේ දින දෙකක් පුරා නේපාලයට බලපෑ අධික වර්ෂාවත් සමග හටගත් ගංවතුර හා නායයාම් හේතුවෙන් මෙම පිරිස මියගොස් ඇති බවයි

මිය ගිය පිරිසට අමතරව තවත් පුද්ගලයින් 64 දෙනෙකු අතුරුදන් බව නේපාල බලධාරීන් නිවේදනය කළා.
එමෙන්ම එරට ආරක්ෂක නිලධාරීන් සඳහන් කලේ 3 000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි .

පසුගිය සිකුරාදා දිනයේදී පමණක් කත්මණ්ඩු නිම්නයට මිලිමීටර් 200 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බව නේපාල කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content