වැඩිපුර අපරාධ සිදුවන පොලිස් කොට්ඨාස පනස් දෙකක් හඳුනාගෙන තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලන මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
අසංවිධානාත්මක අපරාධ ක්‍රියා වැළැක්වීම මෙන්ම ඒවායේ නිරත වන අය නීතිය ඉදිරි යට පැමිණවීම සඳහා විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කර ඇති බවද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් සදහන් කළා.