ගෝලීය ආර්ථිකයට වාර්ෂිකව ඩොලර් ට්‍රිලියන ගණනක් වැය වන අපරාධ මැඩපැවැත්වීමේ අරමුණ ඇතිව එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි.
එම ගිවිසුම සති අන්තයේ දී වියට්නාමයේ අගනුවර වන හැනෝයි හිදී රටවල් 60 ක් පමණ සහභාගීත්වයෙන් අත්සන් කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කෙසේ වෙතත් එම ගිවිසුම රටවල් 40 ක් විසින් අනුමත කිරීමෙන් පසු බලාත්මක වනු ඇති බව සඳහන්.
මෙම සම්මුතිය, සයිබර් අපරාධවලට එරෙහි ජාත්‍යන්තර සහයෝගීතාව විධිමත් කරනු ඇතැයිද අපේක්ෂා කෙරෙනවා.













