හංවැල්ල, තුම්මෝදර හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.

හංවැල්ල පොලිසියට ලද තොරතුරක් මත මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

රයිගම්වත්ත, තුම්මෝදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක් වූ පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

පොලිසිය කියා සිටියේ මරණකරු සහ සැකකරු කාන්තාවක් සමග ඇති කරගෙන තිබූ අනියම් සම්බන්ධතාවයක් මත පසුගිය 14 වන දින දුරකථනයෙන් එකිනෙකාට බැන ගැනීමක් සිදුකරගෙන ඇති බවයි.

පසුදින උදෑසන දෙදෙනා හමු වු විටදී ද බැන වැදී මරණකරු විසින් ආරක්සඛ හිස් වැසුමකින් සැකකරුට පහරදිමෙන් පසු සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදීමක් සිදුකර ඇති බවට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි හංවැල්ල පොලිසිය පවසන්නේ.

මෘතදේහය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 38ක් වූ රයිගම්වත්ත, තුම්මෝදර ප්‍රදේශයේම පදිංචි අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හංවැල්ල පොලිසිය ඝාතනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරගෙන යනු ලබනවා.

WhatsApp Group

Skip to content