ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්වය යලි පහළ ගොස් තිබෙන බවට වර්ත් වනවා
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ දෛනික වායු ගුණ තත්ත්ව වාර්තාවේ දැක්වෙන්නේ, අද සිට දින කිහිපයක් දිවයින පුරා වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටම හෝ අහිතකර මට්ටම දක්වා ඉහළ යා හැකි බවයි
එමෙන්ම, පවතින කාලගුණ තත්ත්වය මත අද දිනය තුළ වායු ගුණ තත්ත්ව දර්ශකය 85 ත් 128 ත් අතර අගයක දිනය පුරා පැවතිය හැකි බවද එහි සදහන්
කෙසේ වෙතත්, වව්නියාව, නුවරඑළිය, පුත්තලම, මුලතිව්, පොළොන්නරුව හා අනුරාධපුර යන නගරවල වායු ගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ථ මට්ටමක පැවතිය හැකි බවාටයි සදහන් වන්නේ
පවතින තත්ත්වය සලකා හැකි සෑම විටම මුඛ ආවරණ පළදින ලෙසත් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් කඩිනමින් වෛද්‍ය උපදෙස් සදහා යොමු වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටිනවා