අඛණ්ඩ විරෝධතා මාලාවක් අද සිට මෙම මාසය අවසන් වන තෙක් පවත්වන බව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය පවසනවා .
එහි සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා පැවසුවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇතිව තිබෙන විවිධ ගැටළු සදහා බොහෝ කලක සිට විසදුම් නොලැබීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගයට එළඹීමට තම පාර්ශවයට සිදු වූ බවයි .
සෞඛ්‍ය අමාත්‍යවරයා ප්රමුඛ වත්මන් පාලනය වෙනස් කල යුතු බවද ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් මෙහිදී සදහන් කළා .
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පල කලේ .
මිට අමතරව මෙම මාසය අවසන් වන විට එක් දින වැඩ වර්ජනයකට යොමු වීමට සහ සෞඛ්‍ය අමාතංශය වෙත දැවැන්ත පා ගමනකින් ගමන් කිරීමට බලාපොරොත්තුවන බවද සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා කියා සිටියා .