අද(05) මධ්‍යම රාත්‍රීයේ සිට ඩීසල් මිල පහළ දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඒ අනුව අද(05) මධ්‍යම රාත්‍රීයේ සිට ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දමා තිබෙනවා.
මෙතෙක් රුපියල් 430කට අලෙවි කෙරුණු ලංකා සුදු ඩීසල් ලීටරයක් අද(5) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 420ත් දක්වා පහළ වැටෙනවා.
කෙසේ වෙතත් ලංකා සුපිරි ඩීසල්, පෙට්‍රල් ඔක්ටේන් 95 සහ 92, ලංකා භූමිතෙල් සහ ලංකා කාර්මික භූමිතෙල් මිල ගණන්වල වෙනසක් සිදුව නැහැ.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 510කටත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 510කටත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටර්යක් රුපියන් 370කටත් භූමිතෙල් ලීටරයක් රුපියල් 365කටත් කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 464කටත් අලෙවි කෙරෙනවා.
මේ අතර මෙම මිල අඩු කිරීමට සමගාමීව ලංකා IOC සමාගමද ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර තිබෙනවා.
ඒ අනුව එහි නව මිල වන්නේද රුපියල් 420ක්.