කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ මහතා ගේ ප්රධානත්වයෙන් අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස් වුණා.
සිවිල් නඩු විධාන සංග්රහය සශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ, නියෝග ද්විත්වයක් අද දිනයේ විවාදයට ගනු ලබනවා.
මේ අතර කෘත්රීම බුද්ධිය භාවිතා කිරීමේ තාක්ෂණය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක් හෙට පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ .