පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස් වීමට නියමිතව තිබෙනවා.

පෙරවරු 09.30 සිට පෙරවරු 10 දක්වා කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න සදහා කාලය වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පෙරවරු 10 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.00 විපක්ෂය විසින් ගෙනෙනු ලබන අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව අනුව විවාදය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

WhatsApp Group

Skip to content