බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දින විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද සඳහන්.

මේ අතර නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ .

WhatsApp Group

Skip to content