දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

https://www.vnews.lk/storage/2023/11/KALAGUNAYA-EDIT-1.mp3?_=1

මේ අතර පවතින අධික වැසි සහිත තත්ත්වයත් සමග දිවයිනේ ගංගා රැසක ජල මට්ටම සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අනුව කැළණි, ක`ඵ, නිල්වලා, වලවේ යන ගංගාවල ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් ගංගා දෙපස සිටින ජනතාව අවදානයෙන් පසුවන ලෙසටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී.සුගීෂ්වර මහතා අවධාරණය කර සිටියේ.

https://www.vnews.lk/storage/2023/11/SUGEESHWARA-EDIT-01.mp3?_=2

මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක් වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී.සුගීෂ්වර මහතා.

https://www.vnews.lk/storage/2023/11/SUGEESHWARA-EDIT-02.mp3?_=3

WhatsApp Group

Skip to content