සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. ඌව, උතුර සහ නැගෙනහිර පළාත්වල අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 ක 50 ක පමණ තද සුළං ඇති විය හැකි බවද සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
උණුසුම් පුවත්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට
- මසාජ් කරනවා කියලා කරපු කැත වැඩක් මාට්ටු











