අණ නෙතකා ධාවනය කළ මෝටර් රථයක් පොලිසියෙන් හඹායාමේදී යාපනය මුත්තයිනාර් කෝවිල ආසන්නයේදී අනතුරකට ලක්ව ඇති බව වාර්තා වනවා.
අදාළ මෝටර් රථය නවත්වන ලෙස පොලිසියෙන් සංඥා කොට ඇතත් එම මෝටර් රථය නොනවත්වාම ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස පොලිසිය හඹායාමේදී එය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගය ආසන්නයේ තිබූ වෙළෙඳසැල් දෙකකට කඩා වැදී තිබෙනවා.
අනතුරෙන් වෙලෙඳ සැලක් තුළ සිටි පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන් යාපනය රෝහලට ඇතුළත් කර ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
සිද්ධියට සම්බන්ධ මෝටර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ රියදුරු බීමතින් රිය ධාවනය කර ඇති බවයි.
සැකකරු යාපනය, මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.













