අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ අප්‍රසාදය

ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදක වරෙන්තු ඉල්ලා සිටිම හෙළා දකින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ඊශ්‍රායලය සහ සමූහ මිනීමරුවන් වන හමාස් සංවිධානය එකට සසඳමින් මෙලෙම වරෙන්තු ඉල්ලා සිටීම පිළිබඳව පිළිකුලෙන් යුතුව හෙළා දකින බවට අග්‍රමාත්‍යවරයා සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මේ අතර මේ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සමානාත්මතාවයක් නොමැති බවයි.

WhatsApp Group

Skip to content