ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද දිවයිනට පැමිනීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද සිට එළැඹෙන 08 දක්වා කාලය තුළ ශ්‍රී ලාංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදුකරන බව සදහන්.
මෙම සංචාරය අතරතුරදී අගරදගුරු ගැලගර් හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියද හමුවීමට නියමිතයි.
එළැඹෙන 50 වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ අනුස්මරණ උත්සවයක්ද කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වෙන අතර එහිදී අගරදගුරු ගැලගර් හිමිපාණන් දේශණයක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
2019 වසරේ එල්ලවූ පාස්කු ඉදිරිදා ප්‍රහාරයෙන් බලපෑමට ලක් වූ දේවස්ථාන ඇතුළු රට පුරා සංස්කෘතික හා ආගමික වශයෙන් වැදගත්කමක් ඇති
උණුසුම් පුවත්
- වසරේ පළමු දින 8 තුල හැටදහස ඉක්මවූ සංචාරකින් සංඛ්‍යාවක් මෙරටට
- අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් සහ ජනාධිපති අතර හමුවක්
- ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට
- මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුව
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට










