අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ස්විට්සර්ලන්තය බලා අද(19) උදෑසන පිටත්ව ගොස් තිබෙනවා.
ඒ ජනවාරි මස 19 වන දින සිට 23 වනදා දක්වා ස්විට්සර්ලන්තයේ ඩාවොස්-ක්ලොස්ටර්ස්හිදී පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ() 56 වැනි වාර්ෂික රැස්වීමට සහභාගිවීම සඳහායි.
“සංවාදයේ ආත්මයක්” යන තේමාව යටතේ 2026 ලෝක ආර්ථික සංසදය කැඳවා තිබෙනවා.
රාජ්‍ය නායකයන්, ප්‍රමුඛ බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ තාක්ෂණ නවෝත්පාදකයන් ඇතුළු ගෝලීය නායකයන් 3000කට අධික පිරිසක් එක්වීමට නියමිතයි.
අගමැතිනිය මෙම සංචාරය අතරතුර ජාත්‍යන්තර නායකයින්, ගෝලීය ආයතනවල ප්‍රධානීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමග ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික රැස්වීම් මාලාවක් පැවැත්වීමට නියමිත බවටද වාර්තා වනවා.













