ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩක කුසල් මෙන්ඩිස්ගේ විසා අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ කුසල්ගේ විසා අයදුම්පත ප්‍රතික්ෂේප වී නොමැති බවයි.
කෙසේවෙතත් ඔහුගේ විසා අයදුම්පතට අදාළව තවත් ලේඛණ කිහිපයක් ඉදිරිපත් කිරීමට අවශ්‍යව ඇති බවයි ඇෂ්ලි ද සිල්වා මහතා සදහන් කළේ.