අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ආහාර වර්ග කිහිපයක මිල පහත දැමීම සඳහා කටයුතු කළ බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
අත්‍යාවශ්‍ය ආහාරද්‍රව්‍යන්හි මිල අඩුවීම හේතුවෙන් එම සහනය පාරිභෝගික ජනතාවට ලබාදීම සඳහා මෙලෙස ආහාර වර්ග කිහිපයක මිල පහත දැමීමට කටයුතු කරන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේ.
ඒ අනුව, ව්‍යංජන සහිත බත් පාර්සලයක්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, බිරීයානි, නාසිගුරාන් මිල රුපියල් 25කින් පහළ දමන බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම, බිත්තර රොටී මෙන්ම පරාටා එකක මිල සහ කෙටි ආහාරවල මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බවත් ඔහු සඳහන් කළා.