ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සඳහා ස්ථාපිත කළ ඒකාබද්ධ ප්‍රවේශයකින් යුත් බහු ආංශික ස්ථාවර ජාතික කමිටුව රැස්ව තිබෙනවා.
“දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක්ව කටයුතු කරමු” යන තේමාව යටතේ ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සඳහා මෙම කමිටුව පත් කර තිබෙනවා.
ඒකාබද්ධ ප්‍රවේශයකින් යුත් බහු ආංශික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා මැයි මස 26 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබුණා.
ඒ අනුව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් ගේ සභාපතීත්වයෙන් මෙම කමිටුව පත් කෙරුණා.
ඒ සදහා ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය , අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙම කමිටුවේ සාමාජිකත්වය දරනු ලබනවා.
ඊට අමතරව අධිකරණ අමාත්‍යාංශය ,ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ,පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියද මෙම කමිටුව නියෝජනය කරනු ලබනවා.
උණුසුම් පුවත්
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
- සංචාරක පැමිණීමේ වැඩිවීමක්













