හිරෝෂිමාවට පරමාණු බෝම්බ හෙළා අදට වසර 80 ක් සපිරෙනවා.
දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ හෙළා අදට වසර 80 ක් සපිරෙනවා.
එය සිහි කිරීම සඳහා ජපානයේ නිහඬ යාඥාවක් පැවති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එම අවස්ථාවට ජපන් අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා ද එක්ව සිටියා.
මෙහිදී ඔහු කියා සිටියේ, ලෝක යුද්ධයේදී පරමාණු බෝම්බ ප්‍රහාරයට ලක් වූ එකම රට ජපානය බවයි.