මං මාවත් අවහිර කරමින් විරෝධතාවයක නිරතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ, 2022 වසරේදී කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදීයි.
අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී මෙම පැමිණිල්ලේ සැකකාරියන් වශයෙන් නම් කර සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කිහිපදෙනෙකු අධිකරණයේ පෙනී සිටියේ නැහැ.