ඉඩම් හිමිකම් බලපත්‍ර සහ ඔප්පු ලබා දීමේ “හිමිකම “ ජාතික වැඩසටහන හෙට පැවැත්වෙනවා.
කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන කිලිනොච්චියේ පලෙයි මධ්‍ය මහා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී හෙට පෙරවරු 9 ට ආරම්භ වීමට නියමිතයි.
ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ මෙම වසරේදී ඉඩම් සඳහා හිමිකම් බලපත්‍ර සහ ඔප්පු 50,000 ක් ලබා දීමට බලාපොරොත්තු වන බවයි.
මෙම වැඩසටහන මෙම වසරට පමණක් සීමා නොවී ඉදිරි වසරවලදී ද ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.