හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් සිදු කළ විදෙස් සංචාරයකට අදාළව සිදු කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙනි.
මේ අතර අදාළ විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද හෙට(05) දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.