හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
ප්‍රකාශයක් ලබාදීම සඳහා එම කොට්ඨාසය විසින් කරන ලද කැඳවීමකට අනුව ඔහු අද(22) පෙරවරු 9ට පමණ මෙලෙස පැමිණ තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා සහභාගිවීමට ලන්ඩන් යාම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව මෙම විමර්ශනය සිදු කරන බවයි වාර්තා වන්නේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාල සීමාවේදී මෙම සිදුවීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සමයේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබූ සමන් ඒකනායක මහතාගෙන් සහ පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන්ද අදාළ කරුණ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ සටහන් කර ගැනුණා.
රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් එන අතුරතුර ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්ස්වයකට සහභාගී වීම සඳහා එංගලන්තයට ගොස් ඇති බවට වූ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂන සිදු කෙරෙනවා.