හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත නිදහස් කරන ලෙස ඉල්ලායි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කර ඇත්තේ එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව 18 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අල්ලස් කොමිසම වෙත නොතීසී නිකුත් කරන ලෙසයි..