සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා ඔක්තෝබර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත ගත කර තිබෙනවා .
ඔහුව ඊයේ අත්අඩංගුවට ගෙන තිබුනේ ධුරයේ කටයුතු කරන සමයේ සිදු වූ බව කියන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධ චෝදනාවකට අදාලවයි.
සැකකරුව අද ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කල අවසතාවේදීයි මෙම නියෝගය නිකුත් කලේ .
2016 – 2017 කාලවකවානුවේ ඔහුගේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සැකකරුව ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අනුව ඔහුව අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ කාලසීමාව තුළ දියත් කළ ව්‍යාපෘති 77ක් අතුරින් ව්‍යාපෘති 15කට අදාළව මුදල් වැයකර තිබුණද ඒවා ක්‍රියාත්මක වී නොමැති බවයි.
රුපියල් කෝටි 7ක මුදලක් රජයට පාඩුවන අන්දමින් වංචනිකව පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.