හාල් මිල සදහා රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය කිසිසේත්ම සංශෝධනය නොකරන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අදිකාරිය පවසනවා.
එහි සභාපති හේමන්ත සමරකෝන් මහතා මේ බව සදහන් කලේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
වෙළඳපොලේ මෙම දිනවල පවතින කීරි සම්බා සහල් හිඟය කෘතිමව නිර්මාණය කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිලිබඳ අදිකාරිය සදහන් කලේ.
සහල් තොග රැස් කිරීමෙන් අනතුරුව අදාළ හිඟය අවසන් වනු ඇති බවයි වාර්තා වන්නේ.
නියම කර ඇති පරිදි සහල් උපරිම මිල උල්ලංඝනය කරමින් අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව ද පාරිභෝගික කටයුතු අධිකාරිය දැඩි පියවර ගනී