නාවලපිටියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනිගෙන විනාශ වී තිබූ බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.
අද(20) පස්වරු 5.30ට පමණ ගින්න හටගෙන ඇත්තේ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේදීයි.
ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් රියදුරා විසින් පරීක්‍ෂා කිරීමට යාමේදී එක්වරම ගින්න හටගෙන ඇති බවයි නාවලපිටිය පොලිසිය පවසන්නේ.
හටගත් ගින්න ප්‍රදේශවාසීන් සහ ගිනිගත්හේන පොලිසියේ නිලධාරීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා නිවා දැමුවද ගින්නෙන් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
ගින්න හට ගන්නා අවස්ථාවේ ත්‍රීරෝද රථයේ දෙදෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.
ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බවද ගිනිගත්හේන පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.