ජර්මනියේ මියුනිච් ගුවන්තොටුපල තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඒ, එම ගුවන් කලාපයට ආසන්නව හදුනා නොගත් ඩ්‍රෝන යානා දර්ශනය වීමත් සමගයි.
ජර්මනියේ මියුනිච් ගුවන්තොටුපල තාවකාලිකව වසාදැමීමත් සමග ගුවන් ගමන් රැසක් අවලංගු කෙරුණා.
ඉන් මගීන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
ආරම්භ කර තිබූ ගුවන්ගමන් රැසක් ද අවට ගුවන්තොටුපලවල් වෙත හරවා යැවීමට පියවර ගෙන තිබෙනවා.
ඩ්‍රෝන යානා පැමිණියේ කුමන ස්ථානයේ සිටද යන්න මෙතෙක් හෙලිව නැහැ.
හඳුනා නොගත් ඩ්‍රෝන යානා හේතුවෙන් යුරෝපය පුරා ගුවන්තොටුපල කිහිපයක් පසුගිය දින කිහිපයක පුරා වසා දැමීමට සිදු වුණා.