බෝ නොවන රෝගවල වර්ධනයත් සමග මෙරට සෞඛ්‍ය සේවාව සංකීර්ණ මහජන සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 92 වැනි වාර්ෂික සැසිවාරයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. නවෝත්පාදනය සහ ඩිජිටල් පරිවර්නතය වැළඳ ගැනීම යන තේමාව යටතේ මෙවර සැසිය පැවැත්වුණා. සාමාජිකයින් 1900 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය දන්ත වෛද්‍ය වෘත්තියේ මව් ආයතනය ලෙසයි සැලකෙන්නේ. මෙරට දන්ත සත්කාර සේවා විධිමත් කිරීම දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළව අධ්‍යාපනය සහ පර්යේෂණවල ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම සංගමයේ කාර්යභාරය වන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන්නේ.
උණුසුම් පුවත්
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- බලශක්ති ඇමැති අධිකරණයට
- සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව














