කාලය දීර්ඝ කරනු ලැබූ සුබසාධන ප්රතිලාභ සංගණන කටයුතු අදින් අවසන් වීමට නියමිතයි.ඊට අදාළ සංගණන කටයුතු මාර්තු මස 31 වනදා අවසන් කිරීමට නියමිතව තිබුණ ද එම කාලය අප්‍රේල් මස 10 වනදා දක්වා දීර්ඝ කිරීමට සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පසුව තීරණය කළා.
“ඇත්තම කියමු – ඇත්තම අයට ප්රතිලාභ දෙමු” තේමාව යටතේ සුබසාධන ප්රතිලාභ ලැබීම සඳහා සුදුසු පවුල් හඳුනාගැනීමේ වැඩසටහනට පුද්ගල තොරතුරු රැස් කිරිම වෙනුවෙන් මෙම සංගණනය ආරම්භ කෙරුණා.
ඒ සඳහා අයදුම්පත් ලක්ෂ 37 ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.