සුප්‍රසිද්ධ පිලිපීන සූපවේදිනියක් වූ මාගරිටා ෆෝරස් ඊයේ හොංකොංහිදී මියගොස් තිබෙන බවට වාර්තා වනවා
මියයන විට ඇය 65 හැවිරිදි වියේ පසුවුනා
ඇය 2016 දී ආසියාවේ හොඳම කාන්තා සූපවේදිනිය ලෙස ද පිදුම් ලැබුවා.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එමෙන්ම වාර්තා සඳහන් කරන්නේ, ඇය දෙවරක් පිළිකා රෝගයෙන් දිවි ගලවා ගත් බවයි.
සූපශාස්ත්‍ර කර්මාන්තයේ පුරෝගාමියෙකු වන ඇය පිලිපීනයේ උපත ලැබූ අතර, පසුව ඇයගේ පවුලේ අය සමඟ නිව්යෝර්ක් වෙත සංක්‍රමණය වී තිබෙනවා.