වැලිමඩ සිට නුවරඑළිය හරහා මීගමුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ රියදුරා බීමත්ව රිය පැදවීමේ චෝදනාව යටතේ නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් ඊයේ(03) සැකපිට අත්අඩංගුවට ගෙන අද(94) නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්දිකා මෙනෙවිය වෙත ඉදිරිපත් කිරීමෙසන් පසු සැකකාර රියදුරා අගෝස්තු මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ දිවුලපිටිය මැදගම්පිටිය ප්‍රදේශයේ පදිංචි අසංක සංජීව ප්‍රියදර්ශන නමැති 47 හැවිරිදි රියදුරෙකි.
සැකකාර රියදුරා වැලිමඩ සිට නුවරඑළිය හරහා මීගමුව දක්වා දිවුලපිටිය ඩිපෝවට අයත් ලංගම බස් රථය මගින් විශාල පිරිසක් සමග ධාවනය කරවන අවස්ථාවේ නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් නුවරඑළිය සීතාඑළිය ප්‍රදේශයේදී පරීක්ෂා කිරීමේදී රියදුරු බීමත්ව සිටින බවට තහවුරුවීමෙන් පසු රියදුරා සැකපිට අත්අඩංගුවට ගැනුණා.
නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් බීමත්ව රිය පැදවීම සහ නීති විරෝධී මත්පැන් සන්තකයේ තබාගැනීම යන චෝදනා යටතේ රියදුරුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
රියදුරා අත්අඩංගුවට ගැනීමෙන් පසු එම ලංගම බස් රථය නුවරඑළිය පොලිසිය වෙත රැගෙනවිත් පරීක්‍ෂා කිරීමේදී රියදුරු අසුන යට තිබී මිලිලීටර් 750ක නීති විරෝධී මත්පැන් සහිත කෑනයක් පොලිසිය විසින් සොයාගෙන ගැනුණා.
බස් රථය ධන්‍ානය කර විවේක ගැනීමට නතර කරන අවස්ථාවේ ජලය පානය කරන මුවාවෙන් සැකකාර රියදුරා මත්පැන් පානය කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
දිවුලපිටිය ඩිපෝවේ වෙනත් රියදුරෙකු නුවරඑළිය වෙත කැඳව බස් රථයේ රැඳී සිටි මගීන්ව සිය ගමනාන්තය දක්වා පිටත් කර යැවීමට නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් පියවර ගත්තා.