ගොවිපොළ හෝ කෘෂිකාර්මික නිෂ්පාදන විකිණීම, මිල දී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීම සඳහා අවශ්‍ය වෙළෙඳපොළ යටිතල පහසුකම් සැපයීම පිණිස විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 18ක් මේ වන විට ස්ථාපිත කර තිබෙනවා.
ඒ අතුරින් වවුනියාව, කිලිනොච්චිය, යාපනය සහ මඩකලපුව හැර අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාන 14 දැනට ක්‍රියාත්මකව පවතිනවා.
එම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය 2006‑01‑10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපතිගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආයතන සහ වෙළෙඳ සංගම්වල නිල බලයෙන් පත් වන සාමාජිකයින්ගෙන් සමන්විත කළමනාකරණ භාරයක් මඟින් සිදු කරනු ලබයි.
මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාරික ක්‍රියාකාරකම් සාර්ථක ව සහ තිරසර ව සිදු කිරීම සඳහා මධ්‍යගත, නෛතික ව පිළිගත හැකි සහ වගවීම සහිත ආයතනික සැකැස්මක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබෙනවා.