ඇමෙරිකානු නාවික හමුදාවට අයත් සැන්ටා බාබ්රා නෞකාව අද කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.
එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මෙම නෞකාව මෙරටට පැමිණෙන පළමු සංචාරය මෙය වන බවයි.
මෙමගින් එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ ශක්තිය, ආරක්ෂිත, සමෘද්ධිමත් සහ නිදහස් ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා වන අපගේ හවුල්කාරී කැපවීම අවධාරණය කරන බවයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
සැන්ටා බාබ්රා යනු ලොව විශාලතම ඉදිරි පෙළ බලඇණියට අණ දෙන එක්සත් ජනපද 7 වන බලඇණියේ කොටසක්.
එහි ප්‍රධාන මෙහෙවර වන්නේ, බටහිර පැසිෆික් සහ ඉන්දියානු සාගරවල සිය හමුදාවන්ට මෙහෙයුම් පාලනය සහ සැලසුම් සැපයීමයි.
සැන්ටා බාබ්රා නෞකාව, ආක්‍රමණ වැළැක්වීම, සන්ධාන සහ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සහ අනාගත යුද සටන් හැකියාවන් දියුණු කිරීම සඳහා නිතිපතා ඉන්දු-පැසිෆික් කලාපයේ මුර සංචාරයේ නිරත වනවා.
උණුසුම් පුවත්
- ”රටම එකට” ජාතික මෙහෙයුම ලබන 30 වනදා
- කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
- ඉන්දු – චීන සෘජු ගුවන් ගමන් යළි ඇරඹෙයි
- හැටන් නිග්රෝධාරාමාධිපති නාහිමියන් අපවත් වෙයි
- ළාබාල තරුණියන් සීයලා සමග විවාහ වීම වැඩි වෙලා
- වැලිගම ප්රා.ස. සභාපති ඝාතනයේ වෙඩික්කරු අල්ලයි
- ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ගුවන් යානය තුළ දී පහරදීමක්
- විදේශ සේවා කාර්යාංශයේ සේවය කළ රියදුරකු මහා පරිමාණ ඊශ්රායල් රැකියා වංචාවක










