අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025(2026) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඊයේ(18) දින සිට ඔක්තෝබර් මස 9 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාර ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඒ අනුව පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරයා මගින්ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු වනවා.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යන හෝ වෙත පිවිස නියමිත උපදෙස් අනුව නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවයි.
විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාර ලියනගේ මහත්මිය විසින් නිකුත් කරන ලද අදාළ නිවේදනය පහතින්.