ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් මහතා මහතා සහ නියෝජිතයින් පිරිසක් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා හමුවී තිබෙනවා.
පරිසර අමාත්‍යංශයේ දීයි.
බ්‍රසීලයේ පැවැත්වීමට නියමිත ඣඡ 30 සමුළුව පිළිබඳව සහ දේශගුණික විපර්යාස පරිසරය සම්බන්ධයෙන් පුළුල් සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණයි.
ප්‍රතිපත්ති සහ නීතිමය රාමු ක්‍රියාත්මක කිරීමේ දී එය ශක්තිමත්ව සහ චක්‍රීය ආර්ථික නීති දිරිගන්වමින් හඳුන්වා දීමේ ස්වීඩනයේ අත්දැකීම් මෙහිදී තානාපතිවරයා පැහැදිලි කර තිබෙනවා.
අපද්‍රව්‍ය කළමනාකරණ සහ ප්‍රතිචක්‍රීකරණ පද්ධතිවලට අදාළ විස්තීරණ නිෂ්පාදක වගකීම් පිළිබඳ හොඳම භාවිතයන්, හරිත තාක්ෂණය සහ නවෝත්පාදනය , සම්පත්-කාර්යක්ෂම නිෂ්පාදනය පිළිබදවද මෙහිදී අවධානය යොමු වුනා.
හැකියාවන් ගොඩනැගීම සහ හවුල්කාරිත්වයන් ඔස්සේ ශ්‍රී ලංකාවේ චක්‍රීය ආර්ථිකයකට සංක්‍රමණය වේගවත් කිරීම සඳහා දැනුම බෙදාගැනීමටත්, නියමු ව්‍යාපෘති සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් තුළ සහයෝගීතාව පිළිබඳත් මෙහි දී සාකච්ඡා කෙරුණා.
ජාතික සහ ජාත්‍යන්තර තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි තරුණ සහභාගීත්වය ආයතනගත කිරීම සහ තරුණ නායකත්වයෙන් යුත් ව්‍යාපෘති සඳහා සම්පත් සහ තාක්ෂණික සහාය සඳහා ප්‍රවේශය පුළුල් කිරීම ආදී කරුණුද මෙහිදී වැඩි දුරටත් සාකච්ඡාවට ලක් කෙරුණා.