මෙම වසර ඇතුළත සයිබර් ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා .
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ නව සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම සම්බන්ධයෙන් කොළඹ පැවති වැඩමුළුවකට එක් වෙමින් .
ඒම වැඩමුළුව මෙරට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ ලෝක බැංකුව ඒකාබද්ධව සංවිධානය කරනු ලැබුවා .
මෙහිදී අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තොරතුරු තාක්ෂණ අංශයේ සංවර්ධනයත් සමඟ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් රජය විශේෂ අවධානය යොමු කර ඇති බවයි.
මෙහිදී කනක හේරත් මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ නව සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම සඳහා ලෝක බැංකුව ලබා දෙන තාක්ෂණික සහ උපදේශන සහාය අතීශය වැදගත් බවයි.