සබරගමුව විශ්වවිද්‍යාලයේ මතුව ඇති සියලු දූෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට ස්වාධීක පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට, කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.
එහිදී වර්තමාන පාලන අධිකාරියේ කිසිදු නිලධාරියෙකු අදාළ කමිටුවට සම්බන්ධ කර ගැනීමකින් තොරව එම පරීක්ෂණ කමිටුව පත්කර, හැකි ඉක්මනින් අදාළ විමර්ශන සිදුකර අවසන් කරන ලෙස එම කමිටුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබුණා.
විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී සියදිවි නසාගත් චරිත් දිල්ශාන් සිසුවාගේ සිදුවීම පිළිබඳ දීර්ඝ ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.
එහිදී පාලනාධිකාරිය අතින් යම් ආකාරයකින් ශිෂ්‍ය ක්‍රියාකාරකම් පිළිබද සොයාබැලීම මගහැරී ඇති බව නිරීක්ෂණය වන බවයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර කියා සිටියේ.