සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදිකෙරෙන වර්තමාන තෙල් පිරිපහදු ධාරිතාව මෙන් දෙගුණයකින් යුත් නව පිරිපහදුව ව්‍යාපෘතියට අභිලාශ කැඳවීම සිදුකර තිබෙනවා.
මෙය ඩොලර් බිලියන 3ක ආයෝජනයක් බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා සදහන් කළේ.
1969 වර්ශයෙන් පසුව ශ්‍රී ලංකාව මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කරන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේශත්වයක්.
වර්තමාන තෙල් පිරිපහදු ධාරිතාව මෙන් දෙගුණයකින් යුත් නව පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදි කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
අදාළ ව්‍යාපෘතියේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
එහි පළමු පියවර ලෙස ලංකා ඛණිජ තෙල් නීතීගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතාගේ මූලිකත්වයෙන් ආයෝජක හමුවක් සංවිධාන කර තිබුණා.
එහිදී මෙම තෙල් පිරිපහදු ව්‍යාපෘතිය පිළිබඳ, ව්‍යාපෘතියේ අරමුණු පිලිබදවත් ආයෝජකයින්ට පැහැදිලි කරනු ලැබුවා.
උණුසුම් පුවත්
- වෙනිසියුලානු ගුවන් කාළාපයට අමෙරිකාවෙන් අනතුරු ඇගවීමක්
- බැංකු කාඩ්පතින් බස් රථෙය් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම හෙට සිට ඇරඹෙයි
- කඩුගන්නාව මාර්ගය සම්බන්ධයෙන් දැනුම් දීමක්
- කිරිදි ඔයේ ජල මට්ටම ඉහළට
- ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යට වෙයි
- ආපදා හේතුවෙන් සිදු වූ මරණ ගණන ඉහළට
- ආණ්ඩුවෙන් ගම සංවර්ධනයට පමණක් රු.මිලියන 180000ක් වෙන්කරයි -VIDEO
- තවත් ප්‍රදේශ කිහිපයකට ගං වතුර අනතුරු ඇගවීම්













