සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදිකෙරෙන වර්තමාන තෙල් පිරිපහදු ධාරිතාව මෙන් දෙගුණයකින් යුත් නව පිරිපහදුව ව්‍යාපෘතියට අභිලාශ කැඳවීම සිදුකර තිබෙනවා.
මෙය ඩොලර් බිලියන 3ක ආයෝජනයක් බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා සදහන් කළේ.
1969 වර්ශයෙන් පසුව ශ්‍රී ලංකාව මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කරන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේශත්වයක්.
වර්තමාන තෙල් පිරිපහදු ධාරිතාව මෙන් දෙගුණයකින් යුත් නව පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදි කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
අදාළ ව්‍යාපෘතියේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
එහි පළමු පියවර ලෙස ලංකා ඛණිජ තෙල් නීතීගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතාගේ මූලිකත්වයෙන් ආයෝජක හමුවක් සංවිධාන කර තිබුණා.
එහිදී මෙම තෙල් පිරිපහදු ව්‍යාපෘතිය පිළිබඳ, ව්‍යාපෘතියේ අරමුණු පිලිබදවත් ආයෝජකයින්ට පැහැදිලි කරනු ලැබුවා.
උණුසුම් පුවත්
- බලශක්ති ඇමැති අධිකරණයට
- සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට














