පසුගිය දින කිහිපයේ සුඛෝපභෝගි නෞකාවලින් පැමිණි සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීම හේතුවෙන් රුපියල් හත්ලක්ෂ 21,541 ක ආදායමක් ලැබී තිබෙනවා.
කෘෂිකර්ම වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය නොවැම්බර් 30 සිට දෙසැම්බර් 5 දක්වා කාලය තුළදී එම නෞකාවලින් පැමිණි සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණීමෙන් මෙම ආදායම ලැබී ඇති බවයි.
එමෙන්ම විදේශීය සංචාරකයින් 632 දෙනෙකු එම කාලය තුළ මෙම වනෝද්‍යානය නරඹා ඇති බවද සදහන්.