ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිඒවා විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා .
ඇය පවසන්නේ ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඇතිව බලාපොරොත්තු සහගත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි .
එමඟින් ණය තිරසරබව ඇතිකර ගැනීම, වඩාත් පුළුල් සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනීම මෙන්ම, ආර්ථිකය වඩාත් හොඳින් පාලනය සහ විනිවිඳ බව ඇති කරගැනීමට සැලසුම් කිරීමට තීරණය කර තිබෙනවා.
2023 මාර්තු 20 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක විස්තීර්ණ ණය පහසුකමක් අනුමත කරනු ලැබුවා.
ඒ අනුව මාස 48 ක් සඳහා එම වැඩසටහන ක්‍රියාත්මකයි .
මේ අතර මෙරට බලධාරීන් මාස ගණනක් ප්රගතිශීලී සාකච්ඡාවලින් අනතුරුව බැඳුම්කරහිමියන් සමග ඇතිකරගත් එකඟතාවයද ෂඵත් ප්‍රධානියාගේ පැසසුමට ලක්ව තිබීම විශේෂත්වයක්.