ශ්‍රී ලංකාව රටක් ලෙස මේ වන විට දැවැන්ත ආර්ථික ප්‍රගතියක් ලබා ඇති බව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතන ප්‍රධානීන් සදහන් කරනවා.
ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ මත පැන වූ තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද නියෝජිත කණ්ඩායමද ඔවුන් ඇගයීමට ලක් කර තිබුණා.
ඒ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමගින් පැවැත්වූ සාකච්ඡාවකදීයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනය මෙතෙක් ලබා දුන් සහාය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම අනාගතයේදී ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගැනීමට නියමිත වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
එසේම සියලු තීන්දු තීරණ ගැනීමේදී දෙරටේ දිගුකාලීන සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානයට යොමු කිරීම වැදගත් බවයි ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













