පන්දුවාර 20 ලෝක කුසලානයේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද පැවැත්වෙනවා.
ඒ, සිම්බාබ්වේ කණ්ඩායම සමඟයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00 ට මෙම තරගය ආරම්භ වීමට නියමිතයි.
මේ වන විටත් බී කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් දෙකම සුපිරි 8 දෙනාගේ වටයට තේරී අවසන්.
එමෙන්ම අබාධයට ලක්වූ මතීෂ පතිරණ වෙනුවට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රි ලංකා සංචිතයට ඩිල්ෂාන් මධුශංක නම් කිරීමට අයි.සී.සී තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවුණා.














