ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවතින දිගු කාලීන ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්ථාන ද්වී පාර්ශවික ආරක්ෂක සංවාදයේ තුන්වන දිනය අදයි.
ඉස්ලාමාබාද් නුවර පැවැත්වෙන එම ආරක්ෂක සංවාදය සදහා ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ඇතුලු නියෝජිත කණ්ඩායමක් සහභාගී වී සිටිනවා.
එහිදී දෙරටේ ද්වීපාර්ශවික සම්බන්ධතා වැඩි දියුණු කිරීම, කලාපයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.
එමෙන්ම, දකුණු ආසියානු කලාපයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම හා සාමය ප්‍රවර්ධනය කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.