තමන් කිසිවිටෙකත් ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ පාක්ෂිකයින් හැර නොයන බව පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පවසනවා .
නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් පසුගියදා ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා ඊයේ කුරුණෑගල, හෙට්ටිපොල පිහිටි සිය ප්රධාන කාර්යාලය වෙත පැමිණෙනු ලැබුවා .
එහිදී කුරුණෑගල පක්ෂ කාර්යාලයේදී එහි පැමිණ සිටි පිරිස අමතමින් මන්ත්රීවරයා මේ බව ප්රකාශ කළා .