කාන්තා එක්දින ලෝක කුසලානයේ 12 වන තරගය අද පැවැත්වෙනවා .
ඒ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණඩායම අතරයි.
තරගය පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
පසුගියදා ඉන්දියාව සමග පැවති තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වූ අතර, ඔස්ට්‍රේලියාව සමග පැවති තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමත් සමග කණ්ඩායම් 02කටම එක් ලකුණ බැගින් හිමිවුණා.
කෙසේවෙතත් මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසු වන්නේ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි.
ඒ තරග තුනකින් තරග දෙකක් ජයග්‍රහණය කරමින්.
එංගලන්ත කාන්තා කණ්ඩායම මේ වන විට ක්‍රීඩා කළ තරග දෙකම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයෙහි පසුවනවා.
තෙවැනි ස්ථානයෙහි පසු වන්නේ ඉන්දීය කාන්තා කණ්ඩායමයි.
ඒ තරග තුනකින් තරග දෙකක් ජයග්‍රහණය කරමින්.