ශ්‍රී ලංකා, ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගවලියේ අවසන් මහ තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වුනා.
ඒ, ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතරයි.
කාසියේ වාසිය දිනු ඉන්දීය කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කලා.
ඔවුන් පන්දුවාර 50ක් අවසනයේ කඩුලු 7ක් දැවී ලකුණු 342ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු සියල්ල දැවී රැස් කර ගැනීමට හැකි වුනේ ලකුණු 245ක් පමණයි