දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂී විජේරත්න මහත්මියගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 8 වැනිදා කරුණු දක්වන ලෙසf කාළඹ මහේස්ත්‍රාත් අධිකරණය විත්තියේ නීතිඥවරුන්ට අද(04) නියෝග කර තිබෙනවා.
වෛද්‍ය මහේෂී විජේරත්න මහත්මිය අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ සැකකාර වෛද්‍යවරිය ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් සලකා බැලිමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත් එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටී නිලධාරීන් ඇප ඉල්ලීමට විරෝධය පළ කර තිබෙනවා.